වනිදු ප්‍රමුඛ මහනුවර ක්‍රීඩකයින් දකුණට පහර දී පෙරමුණට පැමිණෙයි

Date:

වනිදු හසරංග වාර්තා කළ වේගවත් අර්ධ ශතකය හා පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගයෙන් ගෝල් ටයිටන්ස් කණ්ඩායම පරදා ලකුණු 89 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට බී-ලව් කැන්ඩි කණ්ඩායම අද(8) සමත් වුණා.

මෙම ජයත් සමග මෙතෙක් අවසන් ස්ථානයේ රැදී සිටි මහනුවර කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව සිටිනවා. මෙතෙක් දෙවැනි ස්ථානයේ පසු වූ ගාලු කණ්ඩායමට හිමිව ඇත්තේ අවසන් ස්ථානයයි. (ප්‍රසාද ලකුණු සටහන පහතින්)

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ගාලු පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 203 ක් රැස් කරමින්. මෙය මෙවර තරගාවලියේ දී කණ්ඩායමක් ලකුණු 200 ක් වාර්තා කළ පළමු අවස්ථාවයි.

වනිදු පන්දු 27 ක් පමණක් වැය කරමින් ලකුණු 64 ක් රැස් කළේ හයේ පහර 2 ක් හා හතරේ පහර 9ක් සමගින්. ඔහු සිය අර්ධ ශතකය පන්දු 18 කින් වාර්තා කිරීම කැපී පෙනුණා. එය මෙවර තරග වාරයේ දී පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකයයි. මීට පෙර ද මෙවර තරග වාරයේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කර තිබුණේ වනිදු විසින්. ඒ, පන්දු 21 ක් වැය කරමින්.

ඔහුට අනගි සහායක් ලබා දුන් ඇන්ජෙලෝ මැතිව්ස් පන්දු 23 කින් ලකුණු 40 ක් රැස් කළා. හයේ පහර 2 ක් හා හතරේ පහර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. ෆකාර් සමාන් ද හයේ පහර 2ක් හා හතරේ පහර 3ක් සමගින් ලකුණු 45 (35) ක් ලබා ගත්තා. දිනේෂ් චන්දිමාල් ලකුණු 25 (17) ක් හා මොහමඩ් හැරිස් ලකුණු 17(14) ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ලහිරු සමරකෝන් ලකුණු 31 කට කඩුලු 2 ක් දවා ගත් අතර, කසුන් රාජිත, රිචර්ඩ් එන්ගරාවා හා ටබ්රයිස් ශම්සි කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ටයිටන්ස් කණ්ඩායමට පන්දුවාර 16.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 114 ක් පමණයි.

ඉනිමේ 6 වැනි කඩුල්ල ලකුණු 47 දී බිද වැටුණා. අනතුරුව ලහිරු සමරකෝන් හා අශාන් ප්‍රියන්ජන් 7 වැනි කඩුල්ල සදහා පන්දු 45 කින් ලකුණු 62 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.

සමරකෝන් පන්දු 25 කින් හයේ පහර 4ක් හා හතරේ පහරක් සමගින් ලකුණු 36 ක් ලබා ගත්තා. ප්‍රියන්ජන් ලකුණු 25 යි. ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 27 ක් රැස් කළා.

ශෙවෝන් ඩැනියල් ලකුණු නොලබාත්, භානුක රාජපක්ෂ ලකුණු 5කටත්, ටිම් සයිෆර්ට් එක් ලකුණකටත්, ශකිබ් අල් හසාන් ලකුණු 11 කටත්, දසුන් ශානක එක් ලකුණකටත් දැවී ගියා.

විශිෂ්ඨ පන්දු යැවීමක ද නිරත වෙමින් වනිදු හසරංග ලකුණු 17 කට කඩුලු 4 ක් දවා ගත්තා. නුවන් ප්‍රදීප් ලකුණු 21 කට දවා ගත් කඩුලු ගණන 3ක්. මුජිබ් උර් රහ්මාන් ලකුණු 26 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

[team_standings 49368]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...