පාකිස්තානයට සමු දී අලාම් ඇමෙරිකා යයි

Date:

පාකිස්තාන පිතිකරු ෆවඩ් අලාම් සිය පාකිස්තාන ක්‍රිකට් දිවියට සමු දීමට තීරණය කර තිබෙනවා.

එළඹෙන ඔක්තෝබර් මාසයේ දී 37 වන වියට පා තබන ඔහු ඇමෙරිකාවේ පැවැත්වෙන Minor League Cricket T20 තරගාවලියට ක්‍රීඩා කිරීමට සූදානමින් සිටින බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එහිදී ෆවඩ් අලාම් දේශීය ක්‍රීඩකයෙකු ලෙස Chicago Kingsmen කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටිනවා.

ඔහු පාකිස්තානය නියෝජනය කරමින් සීමිත පන්දුවාර පිටියට පිවිසේ 2007 වසරේ දී යි. 2009 වසරේ දී තමා ක්‍රීඩා කළ මංගල ටෙස්ට් තරගයේ දී ම ශතකයක් වාර්තා කිරීමට අලාම් සමත් වුණා.

කෙසේ වෙතත්, ඉන් ටෙස්ට් තරග දෙකකට පසුව කණ්ඩායමේ ස්ථානය අහිමි වූ ෆවඩ් අලාම්ට යළි ටෙස්ට් කණ්ඩායමට පිවිසීමට අවස්ථාව හිමි වූයේ වසර 11 කට පසුවයි.

සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ දී ෆවඩ් අලාම් ටෙස්ට් තරග 19 ක්, එක්දින තරග 38 ක් හා 20යි 20 තරග 24 ක් ක්‍රීඩා කර තිබෙනවා. එහිදී පිළිවෙලින් ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 1011, 966 හා 194 ක්.

අවසන් වරට ඔහු ජාතික කණ්ඩායම නියෝජනය කර ඇත්තේ පසුගිය වසරේ ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේ දී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දී යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...