නුවනිදුගේ සටන අපතේ යයි ; මෙන්ඩිස්-සධීරගේ ප්‍රහාරය දඹුල්ලට ජය ගෙනෙයි

Date:

කුසල් මෙන්ඩිස්ගේ හා සධීර සමරවික්‍රමගේ විශිෂ්ඨ පිතිහරඹය හමුවේ මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයෙන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පරදා ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල අවුරා කණ්ඩායම අද(5) සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ස්ට්‍රයිකර්ස් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 192 ක් ලබා ගනිමින්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්ට්‍රයිකර්ස් පිලට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 4 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 182 ක් පමණයි.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 16(8) කට දැවී ගිය අතර, බාබාර් අසාම් ලකුණු 41(24) යි. පැතුම් නිස්සංක ලකුණු 22(28)කට දැවී ගියා. ධනංජය ලක්ෂාන් ලකුණු 18(15) යි.

නුවනිදු ප්‍රනාන්දු පන්දු 39 කින් නොදැවී ලකුණු 56 ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වූ නමුත් එය සාර්ථක වූයේ නැහැ. ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහර 4 ක් ඇතුළත්. චාමික කරුණාරත්න නොදැවී ලකුණු 20 ක් ලබා ගත්තේ පන්දු 7කින්. හයේ පහර 2ක් හා හතරේ පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී නූර් අහ්මඩ් ලකුණු 34 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් නායක කුසල් මෙන්ඩිස් ලකුණු 87(46) ක් හා සධීර සමරවික්‍රම ලකුණු 59 (35) ක් රැස් කිරීමට සමත් වුණා. කුසල්ගේ ඉනිමට හයේ පහර 8ක් හා හතරේ පහර 4 ක් ද, සධීරගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 7ක් ද ඇතුළත් වුණා.

ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 120 (64) ක්.

පන්දු යැවීමේ දී මතීෂ පතිරණ ලකුණු 31 කට කඩුලු 3 ක් හා නසීම් ශාහ් ලකුණු 21 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...