Watch : සධීර හා ප්‍රවීන් මුහුණ දුන් දරුණු අනතුර මෙන්ම

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයේ දී උඩ පන්දුවක් රැක ගැනීමට යාමේ දී දඹුල්ල අවුරා කණ්ඩායමේ ප්‍රවීන් ජයවික්‍රම හා සධීර සමරවික්‍රම අතර එකිනෙකා ශාරීරිකව ගැටීමෙන් අනතුරක් සිදු වුණා.

අද(5) පස්වරු 3 පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ස්ට්‍රයිකර්ස් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 192 ක් ලබා ගනිමින්. නායක කුසල් මෙන්ඩිස් ලකුණු 87(46) ක් හා සධීර සමරවික්‍රම ලකුණු 59 (35) ක් රැස් කරමින් දඹුල්ල ඉනිම ශක්තිමත් කළා. පන්දු යැවීමේ දී මතීෂ පතිරණ කඩුලු 3 ක් බිද හෙලුවා.

කලම්බු කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී 11 වැනි පන්දුවාරයේ 5 වැනි පන්දුවේ දී යි සධීර හා ප්‍රවීන් උඩ පන්දුවක් රැක ගැනීමට යාමේ දී එකිනෙකා ගැටීමක් සිදු වුණේ.

නූර් අහ්මඩ් යොමු කළ පන්දුවකට නුවනිදු ප්‍රනාන්දු එල්ල කළ පහරකින් පසුව එය රැක ගැනීමට යාමේ දී මෙම අනතුර සිදු වුණා.

සධීර සමරවික්‍රම හා ප්‍රවීන් ජයවික්‍රම එම අවස්ථාවේ දී දැඩි වේදනාවකින් පසු වුවද ඔවුන් දෙදෙනාම පසුව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වුණා.

එම අනතුරේ දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...