Watch : මෙන්ඩිස්ට එරෙහි උඩ පන්දුවට තෙවන විනිසුරුගෙන් ආන්දෝලනාත්මක තීන්දුවක්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයේ දී ලබා දුන් ආන්දෝලනාත්මක විනිසුරු තීරණයක් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට අද(5) සමත් වුණා.

මෙම තරගය අද පස්වරු 3ට මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණේ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම හා දඹුල්ල අවුරා කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ඔවුන් දඹුල්ල අවුරා කණ්ඩායමට එරෙහිව තරගයේ පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 192 ක් ලබා ගනිමින්. නායක කුසල් මෙන්ඩිස් ලකුණු 87(46) ක් හා සධීර සමරවික්‍රම ලකුණු 59 (35) ක් රැස් කරමින් දඹුල්ල ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී මතීෂ පතිරණ කඩුලු 3 ක් හා නසීම් ශාහ් කඩුලු 2 ක් බිද හෙලුවා.

කුසල් මෙන්ඩිස් ලකුණු 37 ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුවක් ජෙෆ්රි වැන්ඩර්සේ විසින් රැක ගත් නමුත් එය නිවැරැදිව රැක ගත්තේ දැයි විමසා බැලීම සදහා පිටියේ විනිසුරුවන් විසින් එය තෙවන විනිසුරුට යොමු කළා.

අනතුරුව තෙවන විනිසුරු විසින් තීන්දු කළේ එය නොදැවී යාමක් ලෙසයි. මෙය බොහෝ දෙනෙකු විමතියට පත් කළ තීරණයක් බවට පත් වුණා.

එය දැවී යාමක් විය යුතු බවටයි ජාත්‍යන්තර විස්තර විචාරකයින් ද පෙන්වා දුන්නේ.

එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...