ඉන්දියාවට ලකුණු 4ක තියුණු පරාජයක්

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 4ක තියුණු ජයක් වාර්තා කරමින් තරග 5කින් යුත් 20යි 20 තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ට්‍රිනිඩෑඩ්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් කඩුලු 6 ක් දැවී ලකුණු 149 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට කඩුලු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 145 ක් පමණයි.

ආරම්භක පිතිකරුවන් වූ ඉෂාන් කිෂන් ලකුණු 6කටත්, ෂුබ්මන් ගිල් ලකුණු 3 කටත් දැවී ගියා. සූර්යකුමාර් යාදව් ලකුණූ 21 යි.

තිලක් වර්මා ලකුණු 39 ක් ද, නායක හර්ඩික් පාන්ඩ්යා ලකුණු 19 ක් ද සංජු සැම්සන් ලකුණු 12 ක් ද ලබා සිටියදී දැවී ගියා. අක්සාර් පටෙල් ලකුණු 13 යි. අර්ෂ්දීප් සිං ද ලකුණු 12 ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ඔබෙඩ් මැකෝයි, ජේසන් හෝල්ඩර් හා රොමාරියෝ ෂෙපර්ඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ නායක රොව්මන් පවෙල්. ඔහු පන්දු 32 කදී ලකුණු 48 ක් රැස් කළේ හයේ පහර හා හතරේ පහර 3 බැගින් එල්ල කරමින්.

නිකලස් පූරාන් ලකුණු 41 ක් ද, ආරම්භක පිතිකරු බ්‍රෙන්ඩන් කිං ලකුණු 28 ක් ද ලබා ගත්තා. ශිම්රන් හෙට්මයර් ලකුණු 10යි.

පන්දු යැවීමේ දී අර්ශ්දීප් සිං හා යුස්වේන්ද්‍ර චෙහල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...