තමිම් ඉක්බාල් නායකත්වයට සමු දෙයි ; ආසියානු කුසලානයෙනුත් ඉවතට

Date:

බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් වීමට තමිම් ඉක්බාල් තීරණය කර තිබෙනවා.

ඒ, 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තවත් මාස දෙකක පමණ කාලයක් ඉතිරිව ඇති පසුබිමකයි.

එමෙන්ම ඔහුට එළඹෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ඒ, ඔහු පිට කොන්ද ආශ්‍රිත ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන්.

පසුගිය ජූලි 6 වැනිදා ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට ද තීරණය කළ නමුත්, දිනකට පසුව ඔහු එම තීරණය යළි සංශෝදනය කළා.

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය Sheikh Hasina සමග පැවැති සාකච්ඡාවකින් පසුවයි ඔහු යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමට තීරණය කළේ.

මේ අතර, ආබාධය හේතුවෙන් තමිම් ඉක්බාල්ට ආසියානු කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීමට නොහැකි වුව ද, ඔහුට සැප්තැම්බර් 21 වැනිදා නවසීලන්තයට එරෙහිව බංග්ලාදේශයේ දී ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට හැකි වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...