Watch : ඉන්දියාවට ක්‍රිකට් නීති අමතක වෙයි ; චෙහල් ආපසු හැරී ගොස් ආපසු ආවේ ඇයි?

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී වූ අපූර්ව සිදු වීමක් මේ වන විටත් ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

මෙම තරගයෙන් ලකුණු 4ක තියුණු ජයක් වාර්තා කරමින් තරග 5කින් යුත් 20යි 20 තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට සමත් වුණේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.

ට්‍රිනිඩෑඩ්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් කඩුලු 6 ක් දැවී ලකුණු 149 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට කඩුලු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 145 ක් පමණයි.

තරගයේ ඉන්දීය ඉනිමේ අංක 10 පිතිකරු ලෙස යුස්වේන්ද්‍ර චෙහල් පිටියට පිවිසි නමුත්, ඔහු යළි ක්‍රීඩාගාරය දෙසට දිව යන ආකාරයක් ද, නැවතත් ක්‍රීඩංගනය තුළට දිව එන ආකාරයක් ද දැක ගත හැකි වුණා.

මෙය බොහෝ දෙනෙකුට ප්‍රශ්නාර්ථයක් ඉතිරි කළ සිද්ධියක් බවට පත් වුණා.

මෙම සිද්ධියට හේතු වූයේ චෙහල් අංක 10 පිතිකරු ලෙස තණතීරුව අසළටම පැමිණිය ද, ඉන් පසුව ඉන්දීය කණ්ඩායමට මුකේෂ් කුමාර් අංක 10 ස්ථානයේ පන්දුවට පහර දීම සදහා සැලැස්වීමට අවශ්‍ය වීමයි.

ඒ අනුව චෙහල් යළි ක්‍රීඩාගාරයට කැදවනු ලැබූ අතර, ඒ හේතුවෙන් ඔහු ක්‍රීඩාගාරය දෙසට දිව යන අයුරු දැකිය හැකි වුණා. චෙහල් හතරේ සීමාවෙන් ඉවත් වනවාත් සමගම මුකේෂ් කුමාර් ද ක්‍රීඩාංගනය වෙත පැමිණීමට උත්සාහ දරන අයුරු ද දැක ගත හැකි වුණා.

නමුත් ක්‍රිකට් නීති ප්‍රකාරව කඩුල්ලක් දැවී යාමෙන් පසුව ක්‍රීඩාංගනයට පැමිණි පිතිකරුවෙකුට යළි පිටියෙන් ඉවත්ව වෙනත් පිතිකරුවෙකු ඔහු වෙනුවට කැදවිය නොහැකි බැවින් විනිසුරුවන් මීට ඉඩ ලබා දුන්නේ නැහැ.

ඒ අනුවයි චෙහල්ට යළි ක්‍රීඩාංගනයට පිවිස අංක 10 ස්ථානයේ පන්දුවට පහර දීමට සිදු වුණේ.

එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...