Lunch Report : ශ්‍රී ලංකාව ඉනිමක පරාජයෙන් ගැළවීමේ සටනක

Date:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි (ජූලි 27).

අද දිනය සදහා තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 5 ක් දැවී ලකුණු 563 ක් ලබා සිටි අතර, ඔවුන් සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 576 ක් ලබා සිටියදීයි. ඒ, ඉනිමක පරාජයෙන් ගැළවීම සදහා ශ්‍රී ලංකාවට ලකුණු 410 ක ඉලක්කයක් ලබා දෙමින්.

අද දිනයේ දී පාකිස්තානය පන්දුවට පහර දුන්නේ පන්දුවාර 2ක් පමණයි. එහිදී මොහමඩ් රිස්වාන් සිය අර්ධ ශතකය සම්පූර්ණ කිරීමට සමත් වූ අතර, ඔහු නොදැවී ලකුණු 50 ක් ලබා ගත්තේ පන්දු 67 කින්. පළමු ඉනිම අතරතුර දී සර්ෆරාස් අහ්මඩ්ගේ හිස් ආවාරණයේ පන්දුවක් වැදීම හේතුවෙන් ඔහු කම්පන තත්ත්වයකට ලක් වීම හේතුවෙනුයි සර්ෆරාස් වෙනුවට මොහමඩ් රිස්වාන් පාකිස්තාන කණ්ඩායමට ආදේශ කෙරුණේ.

ආගා සල්මන් නොදැවී ලකුණු 132 යි. ඔහු හා රිස්වාන් අතර ගොඩ නැගුණු නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 108* (125) ක්.

පාකිස්තාන ඉනිමේ නැංගුරම බවට පත් වූ අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 201 ක් ලබා ගත්තා. පන්දු 326 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 4 ක් හා හතරේ පහර 19 ක් ඇතුළත්.

සවුද් ශකීල් ලකුණු 57 ක් ද, ශාන් මසූඩ් ලකුණු 51 ක් ද රැස් කළා. පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු කඩුලු 3 ක් හා ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 ක් බිද හෙලුවා.

අනතුරුව සිය දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායම දිවා ආහාරය සදහා තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 81 ක්.

ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 69 කට සීමා කරමින් නෝමන් අලීගේ පන්දුවක් හමුවේ නිශාන් මදුෂංක ලකුණු 33 කට දැවී ගියා. එක් හයේ පහරක් හා හතරේ පහර 4 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

දිමුත් කරුණාරත්න ලකුණු 36 ක් හා කුසල් මෙන්ඩිස් ලකුණු 11 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටිනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට ඉනිමක පරාජයෙන් ගැළවීම සදහා තවත් ලකුණු 329 ක් ලබා ගත යුතුයි.

අද දිනයට තරගය ආරම්භ වූ අවස්ථාවේ සිට දිවා ආහාරය දක්වා වූ කාලයේ දී පන්දුවාර 27 ක් තුළ එක් කඩුල්ලක් දැවී ලකුණු 94 ක් වාර්තා වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48.4 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 166 ක් පමණයි. ධනංජය ද සිල්වා ලකුණු 57 ක් ලබා ගත් අතර, දිනේෂ් චන්දිමාල් ලකුණු 34 යි. පන්දු යැවීමේ දී අබ්‍රාර් අහ්මඩ් ලකණු 69 කට කඩුලු 4 ක් හා නසීම් ශාහ් ලකුණු 41 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...