ප්‍රභාත් පළමු 10 දෙනා අතරට පිවිසෙයි

Date:

නවතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර තිබෙනවා.

ඊට අනුව ඔස්ට්‍රේලියාවේ මර්නස් ලබුෂේන් හා එංගලන්තයේ ජෝ රූට් පිතිකරුවන් අතර ස්ථාන 3 බැගින් ඉදිරියට පැමිණ ඇති අතර, ඒ අනුව ඔවුන් දෙදෙනා පිළිවෙලින් දෙවැනි හා තෙවැනි ස්ථානයේ රැදී සිටිනවා.

එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර පැවැති සිව්වැනි අළුබදුන ටෙස්ට් තරගයේ දී මර්නස් ලබුෂේන් ලකුණු 51 ක් හා 111 ක් රැස් කළා. රූට් එම තරගයේ දී රැස් කළ ලකුණු සංඛ්‍යාව 84 ක්.

කොදෙව්වන්ට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ දී ද දක්ෂතා දැක් වූ ඉන්දීය නායක රෝහිත් ෂර්මා පිතිකරුවන් අතර සම 9 වැනි ස්ථානයට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ද රැදී සිටින්නේ 9 වැනි ස්ථානයේ යි.

මේ අතර, පන්දු යවන්නන් අතර 6 වැනි ස්ථානය දක්වා ඉන්දියාවේ රවීන්ද්‍ර ජඩේජා ඉදිරියට පැමිණ තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් පන්දු යවන්නන් අතර 7 වැනි ස්ථානය දක්වා ස්ථාන 7කින් ඉදිරියට පැමිණ තිබීම ද විශේෂත්වයක්.

ඒ, පාකිස්තානයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී කඩුලු 7ක් දවා ගනිමින් ඔහු දැක් වූ දක්ෂතා හේතුවෙන්.

රමේෂ් මෙන්ඩිස් එම තරගයේ දී කඩුලු 6 ක් දවා ගත් අතර, ඔහු 21 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...