Watch : නිශාන් දැවී ගිය නෝමන් අලීගේ සුපිරි පන්දුව මෙන්න

Date:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය වන අද(27) දිනයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් කඩුල්ලක් දවා ගැනීමට පාකිස්තාන වමත් දග පන්දු යවන ක්‍රීඩක නෝමන් අලී සමත් වුණා.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල ලෙස නිශාන් මදුෂ්ක ලකුණු 33 කට දවා ගැනීම සදහායි ඔහු එම සුපිරි පන්දුව යොමු කළේ.

අද දිනය සදහා තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 5 ක් දැවී ලකුණු 563 ක් ලබා සිටි අතර, ඔවුන් සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 5 ක් දැවී ලකුණු 576 ක් ලබා සිටියදීයි. ඒ, ඉනිමක පරාජයෙන් ගැළවීම සදහා ශ්‍රී ලංකාවට ලකුණු 410 ක ඉලක්කයක් ලබා දෙමින්.

පාකිස්තාන ඉනිමේ නැංගුරම බවට පත් වූ අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 201 ක් ලබා ගත්තා. ආගා සල්මන් නොදැවී ලකුණු 132 යි. පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු කඩුලු 3 ක් හා ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 ක් බිද හෙලුවා.

අනතුරුව ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීම සදහා පිටියට පිවිසි අතර, ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 69 කට සීමා කරමින් මදුෂ්ක දැවී ගියා.

දෙවැනි ඉනිමේ දී නෝමන් අලී යොමු කළ පළමු පන්දුවම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි මදුෂ්ක දැවී ගියේ. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...