සංජු සැම්සන්ගේ හයේ වැස්ස මෙන්න – 74 (32)

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ සංජු සැම්සන් සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි රාජස්ථාන් කණ්ඩායමේ ආරම්භක කඩුල්ලේ සබදතාවය ලකුණු 11කට සීමා වුණා.

කෙසේ වෙතත්, අනතුරුව ස්ටීව් ස්මිත් සමග එක් වූ සංජු සැම්සන් ලකුණු 121ක සබදතාවයක් ගොඩ නැගීමට සමත් වීම විශේෂත්වයක්.

සංජු සැම්සන් සිය අර්ධ ශතකය පන්දු 19කින් වාර්තා කළේ චෙන්නායි පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කරමින්.

රාජස්ථාන් කණ්ඩායම පන්දුවාර 11.4කදී ලකුණු 132ක් ලබා සිටියදී සංජු සැම්සන් දැවී ගියේ පන්දු 32කදී ලකුණු 74ක් ලබා සිටියදීයි.

ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 9ක් සහ එක් හතරේ පහරක් ඇතුළත්.

සංජු සැම්සන්ගේ ඉනිම මෙතනින් නරඹන්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...