ආචර් පන්දු දෙකකින් ලකුණු 27ක් රැස් කළ හැටි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ 20 වැනි පන්දුවාරය මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙනවා.

එම ඉනිමේ දී රාජස්ථාන් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 216ක්.

සංජු සැම්සන් පන්දු 32කදී ලකුණු 74ක් ලබා ගත්තේ චෙන්නායි පන්දු යවන්නන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කරමින්.

ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 9ක් සහ එක් හතරේ පහරක් ඇතුළත්.

ස්ටීව් ස්මිත් ලකුණු 69යි.

පන්දු යැවීමේ දී සෑම් කරන් කඩුලු 3ක් බිද හෙලුවේ ලකුණු 33ක් ලබා දෙමින්.

ඉනිමේ 19 වන පන්දුවාරය අවසන් වන විට රාජස්ථාන් කණ්ඩායම කඩුලු 7ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 186ක්.

ඒ අනුව ඔවුන්ට ලකුණු 200 සීමාව පසු කර යා හැකිවේදැයි බොහෝ දෙනෙකුට පැවතුණේ සැක සහිත බවක්.

කෙසේ වෙතත්, ඉනිමේ අවසන් පන්දුවාරයේ දී කිසිවෙකු බලාපොරොත්තු නොවූ ආකාරයේ ප්‍රහාරයක් එල්ල කිරීමට ජොෆ්ර ආචර් සමත් වුණා.

එම පන්දුවාරයේ දී ලුන්ගි එන්ගිඩී නිපන්දු දෙකක් සහ වයිඩ් පන්දුවක් යැවීම හේතුවෙන් පන්දුවාරය සම්පූර්ණ කිරීමට ඔහුට පන්දු 9ක් යැවීමට සිදු වුණා.

ඔහු එලෙස නිපන්දු දෙකක් සහ වයිඩ් පන්දුවක් යැවීම හේතුවෙන් අවසන් පන්දුවාරයේ පළමු නීත්‍යානුකූල පන්දු දෙක අවසන් වන විට ලකුණු 27ක් වාර්තා වී තිබීම විශේෂත්වයක්.

පළමු පන්දු දෙකට හයේ පහර දෙකක් එල්ල කිරීමට ජොෆ්ර ආචර් සමත් වුණා.

අනතුරුව යැවූ නිපන්දුවට ද ඔහු හයේ පහරක් එල්ල කළ අතර, ඒ වෙනුවෙන් ලද නිදහස් පහරට ද හයේ පහරක් එල්ල කිරීමට ආචර්ට හැකි වුණා.

විශේෂත්වය වූයේ නිදහස් පහර සදහා යොමු කෙරුණු පන්දුව ද නිපන්දුවක් වීමයි.

අනතුරුව යැවූ ඊළග පන්දුව වයිඩ් පන්දුවක් ලෙසයි විනිසුරු සංඥා කළේ.

එම පන්දුවාරය සදහා ලකුණු වාර්තා වී තිබුණේ 6, 6, 7nb, 7nb, 1w, 0, 1, 1, 1 යන ආකාරයටයි.

අවසන් පන්දුවාරයේ දී ජොෆ්ර ආචර් එල්ල කළ හයේ පහර 4 මෙතනින්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...