හයේ පහර වාර්තාව සම වූ සිව්වන තරගයේ ජය රාජස්ථානයට

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදා ලකුණු 16ක ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

සාජා හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි රාජස්ථාන් කණ්ඩායමේ ආරම්භක කඩුල්ලේ සබදතාවය ලකුණු 11කට සීමා වුණා.

කෙසේ වෙතත්, අනතුරුව ස්ටීව් ස්මිත් සමග එක් වූ සංජු සැම්සන් දෙවැනි කඩුල්ල සදහා ලකුණු 121ක සබදතාවයක් ගොඩ නැගීමට සමත් වීම විශේෂත්වයක්.

සංජු සැම්සන් සිය අර්ධ ශතකය පන්දු 19කින් වාර්තා කළ අතර, ඔහු දැවී ගියේ පන්දු 32කදී ලකුණු 74ක් ලබා සිටියදීයි.

ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 9ක් සහ එක් හතරේ පහරක් ඇතුළත්.

ස්ටීව් ස්මිත් ලකුණු 69යි.

ඉනිමේ අවසන් පන්දුවාරයේ දී ලකුණු 30ක් වාර්තා වීම විශේෂත්වයක්.

ඒ අනුව රාජස්ථාන් කණ්ඩායම  කඩුලු 7ක් දැවී ලකුණු 216ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී සෑම් කරන් කඩුලු 3ක් බිද හෙලුවේ ලකුණු 33ක් ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායමට කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 200ක් පමණයි.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ෆෆ් ඩු ප්ලෙසිස් පන්දු 37කින් ලකුණු 72ක් රැස් කළා.

ඔහුගේ ඉනිමට හයේ පහර 7ක් සහ එක් හතරේ පහරක් ඇතුළත්.

ශේන් වෝට්සන් ලකුණු 33ක් ලබා ගත් අතර, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී ලකුණු 29ක් රැස් කළා.

දෝනි අංක 7 පිතිකරු ලෙස මෙම ඉනිමේ දී පන්දුවට පහර දීමට පැමිණීම නිවැරැදි තීරණයක් නොවූ බවටයි ක්‍රීඩා විචාරකයින්ගේ මතය වූයේ.

පන්දු යැවීමේ දී රාහුල් තෙවාටියා ලකුණු 37කට කඩුලු 3ක් බිද හෙලුවා.

මෙම තරගයේ දී ඉනිම් දෙක තුළම හයේ පහර 33ක් වාර්තා වූ අතර, එය අයි.පී.එල් තරගයක් තුළ වාර්තා වූ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාව සම කිරීමක් ද වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...