දෝනිගේ දැවැන්ත හයේ පහර පාරට ගිය හැටි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ලකුණු 16ක ජයක් හිමි කර දෙමින් ඊයේ අවසන් වුණේ හයේ වරුසාවක් නැරඹීමේ අවස්ථාව රූපවාහිනී ප්‍රේක්ෂකයින්ට හිමි කර දෙමින්.

මෙම තරගය වාර්තා අතරට එක් වූයේ අයි.පී.එල් තරග ඉතිහාසයේ තරගයක් තුළ දී වාර්තා වූ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාව සම කරමින්.

තරගයේ දී කණ්ඩායම් දෙකම වාර්තා කළ හයේ පහර සංඛ්‍යාව 33ක්.

එහිදී වාර්තා වූ එක් සුවිශේෂී හයේ පහරක් පිළිබදවයි මෙම සටහන.

සාජාහි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් කණ්ඩායම  කඩුලු 7ක් දැවී ලකුණු 216ක් ලබා ගත්තා.

සංජු සැම්සන් සිය අර්ධ ශතකය පන්දු 19කින් වාර්තා කරමින්, පන්දු 32කදී ලකුණු 74ක් රැස් කළා.

ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 9ක් සහ එක් හතරේ පහරක් ඇතුළත්.

ස්ටීව් ස්මිත් ලකුණු 69යි.

පන්දු යැවීමේ දී සෑම් කරන් කඩුලු 3ක් බිද හෙලුවේ ලකුණු 33ක් ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායමට කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 200ක් පමණයි.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ෆෆ් ඩු ප්ලෙසිස් පන්දු 37කින් ලකුණු 72ක් රැස් කළා.

පිතිකරණ ලයිස්තුවේ හත්වන පිතිකරුවා ලෙස පැමිණ ඉතාමත් මන්දගාමීව ඉනිම ආරම්භ කළ එම් එස් දෝනි අවසාන පන්දු කිහිපයේදී දැවැන්ත හයේ පහරවල් ත්‍රිත්වයක් වාර්තා කිරිමට සමත් වුණා.

දොනි පන්දු 17 කදී ලකුණු 29 ක් නොදැවී ලබාගැනීමට සමත් වූ නමුත් තරගයේ ජයග්‍රහණය සදහා එය ප්‍රමාණවත් වුණේ නැහැ.

ඔහු එල්ල කළ හයේ පහරවල් ත්‍රිත්වය අතරින් එක් හයේ පහරක් ප්‍රේක්ෂකාගාරයෙන් ඉවතට ගොස් මහා මාර්ගයට පතිත වීම විශේෂත්වයක්.

ඊට අදාළ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...