කෝලිගේ සුපිරි ශතකයෙන් පසු කොදෙව්වන් යළි සටනට අවතීර්ණ වෙයි

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය මෙරට වේලාවෙන් අද(22) අලුයම නිමා වුණා.

ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 86 ක්.

නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් නොදැවී ලකුණු 37 ක් හා Kirk McKenzie නොදැවී ලකුණු 14 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ටැගනරීන් චන්ද්‍රපෝල් ලකුණු 33යි. ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 71 ක් ලෙස සටහන්ව තිබියදී චන්ද්‍රපෝල්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුණේ රවින්ද්‍ර ජඩේජා විසින්.

ට්‍රිනිඩෑඩ්හි Port of Spain හීදී පැවැත්වෙන තරගයේ දෙවැනි දිනය ආරම්භ කරන විට තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි ඉන්දියාව කඩුලු 4 ක් දැවී ලකුණු 288 ක් ලබා සිටියා. ඉන්දියාව සියලු දෙනා දැවී පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 438 ක්.

වසර 5කට පසුව සිය රටින් පිටතදී ටෙස්ට් ශතකයක් වාර්තා කළ විරාත් කෝලි ලකුණු 121 ක් ලබා සිටියදී දුවද්දී දැවී ගියා. ඒ, රවීන්ද්‍ර ජඩේජා හා කෝලි අතර 5 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු ලකුණු 159 (286) ක සම්බන්ධතාවයට තිත තබමින්. මෙම තරගය කෝලි ක්‍රීඩා කරන 500 වැනි ජාත්‍යන්තර තරගයයි.

ජඩේජා ලකුණු 61 ක් ද, රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 56 ක් ද රැස් කළා. රෝහිත් ෂර්මා ලකුණු 80 ක් හා යශස්වි ජයිස්වාල් ලකුණු 57 ක් ලබා සිටියදී දැවී ගියා. ෂර්මා හා ජයිස්වාල් අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 139 ක්.

පන්දු යැවීමේ දී කෙමා රෝච් හා ජොමෙල් වොරිකන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

ඒ අනුව මේ වන විට කොදෙව්වන් පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 352 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...