ඔස්ට්‍රේලියාව ඉනිමක පරාජයෙන් ගැළවීමේ සටනක

Date:

අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ මැන්චෙස්ටර්හී දී පැවැත්වෙන සිව්වැනි තරගයේ තෙවැනි දිනය ඊයේ(21) රාත්‍රියේ නිමා වුණේ ඔස්ට්‍රේලියාව ඉනිමක පරාජයක් අභියසට ඇදදමමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 4 ක් දැවී ලකුණු 113 ක් ලබා සිටි අතර, ඒ අනුව ඔවුන් ඉනිමක පරාජයෙන් ගැළවීම සදහා තවත් ලකුණු 162 ක් ලබා ගත යුතුයි.

උස්මාන් කවාජා ලකුණු 18 කටත්, ඩේවිඩ් වෝනර් ලකුණු 28 කටත් දැවී ගියා. ස්ටීවන් ස්මිත් ලකුණු 17 ක් රැස් කළ අතර, ට්‍රැවිස් හෙඩ් ලබා ගත්තේ එක් ලකුණක් පමණයි.(හෙඩ්ගේ කඩුල්ල පහතින් නරඹන්න)

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින මර්නස් ලබුෂේන් ලකුණු 44 ක් හා මිචෙල් මාෂ් එක් ලකුණක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී මාර්ක් වුඩ් ලකුණු 17 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ක්‍රිස් වෝක්ස් එක් කඩුල්ලක් බිද හෙලුවා.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 4 ක් දැවී ලකුණු 384ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 592 ක්. එංගලන්තය අළුබදුන තරගයක ඉනිමකදී එලෙස ලකුණු 500 සීමාව ඉක්මවා ගියේ 2010/11 තරග වාරයෙන් පසුව පළමු වරට වීම විශේෂත්වයක්. සිඩ්නි හී දී ඔවුන් එලෙස අවසන් වරට ලකුණු 500 ඉක්මවා තිබූ අතර, එංගලන්තයේ දී එංගලන්ත කණ්ඩායම අළුබදුන ඉනිමකදී ලකුණු 500 සීමාව ඉක්මවා ගියේ 1989 වසරෙන් පසුවයි.

හැරී බෘෘක් ලකුණු 61 ක් ද, බෙන් ස්ටොක්ස් ලකුණු 51 ක් ද ලබා ගත්තා. ජොනී බෙයාර්ස්ටව් නොදැවී ලකුණු 99 ක් ලබා සිටියදී එංගලන්ත ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ජේම්ස් ඇන්ඩර්සන් දැවී ගියා.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ සැක් ක්‍රව්ලි පන්දු 182 කින් ලකුණු 189 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 21 ක් ඇතුළත්. ජෝ රූට් ලකුණු 84 ක් හා මොයීන් අලී ලකුණු 54 ක් ලබා ගනිමින් එංගලන්ත ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ් ලකුණු 126කට කඩුලු 5 ක් දවා ගත්තා. මිචෙල් ස්ටක් හා කැමරන් ග්‍රීන් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව සියලුදෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 317 ක්. මර්නස් ලබුෂේන් හා මිචෙල් මාෂ් ලකුණු 51 බැගින් රැස් කළා. පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් ලකුණු 62 කට කඩුලු 5ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...