ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලහිරු තිරිමාන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි තමා එලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙන බවයි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් තිරිමාන්න සදහන් කළේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 44 ක්, එක්දින තරග 127 ක් හා 20යි 20 තරග 26 ක් ක්‍රිඩා කර ඇති තිරිමාන්න එහිදී පිළිවෙලින් ලකුණු 2,088 ක්, 3,194 හා 291 ක් රැස් කර තිබෙනවා.

ටෙස්ට් ශතක 3 ක්, අර්ධ ශතක 10 ක් මෙන්ම එක්දින ශතක 4 ක් හා අර්ධ ශතක 21 ක් ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය වර්ණවත් කළා.

“ක්‍රීඩකයෙක් විදියට මම මගේ උපරිමය ලබා දුන්නා, මම මගේ උපරිමයෙන් උත්සාහ කළා, මම ක්‍රීඩාවට ගරු කළා, මම මගේ මව්බිම වෙනුවෙන් අවංකව සහ සදාචාරාත්මකව මගේ යුතුකම ඉටු කර තිබෙනවා.” යනුවෙන් එළඹෙන අගෝස්තු 9 වැනිදා 34 වැනි වියට පා තබන තිරිමාන්න සිය ෆේස්බුක් සටහනේ සදහන් කර තිබෙනවා.

“මෙය ගැනීමට අපහසු තීරණයක් වුණා. නමුත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මෙම තීරණය ගැනීමට මට බලපෑ බොහෝ අනපේක්ෂිත හේතු මෙහි සඳහන් කරන්න බැහැ”

2014 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු වූ තිරිමාන්න අවසන් මහා තරගයේ දී පාකිස්තානයට එරෙහිව ශතකයක් ද වාර්තා කරමින් ශ්‍රී ලංකාවට ශූරතාවය දිනා ගැනීම සදහා දායකත්වය ලබා දුන්නා. එම තරගාවලියේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවේ තිරිමාන්නයි.

2014 පන්දුවාර 20යි 20 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ද ඔහු කටයුතු කළා.

ඔහු අවසන් වරට එක්දින කණ්ඩායම නියෝජනය කළේ 2019 වසරේ දී යි. 2022 වසරට යෙදී තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ දී යි ඔහු අවසන් වරට ටෙස්ට් තරගයක් සදහා ක්‍රීඩා කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...