ඉන්දියාවේ හා බංග්ලාදේශයේ ලකුණු සම වෙයි

Date:

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම හා බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අතර පැවැති තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය අද(22) ලකුණු සම වීම හේතුවෙන් ජය පරාජයෙන් තොරව නිමා වුණා.

ඒ අනුව තරගාවලිය තරග 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම සම ශූරතාවය හිමි කර ගනිමිනුයි අවසන් වුණේ.

මීර්පූර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 50 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 225 ක් රැස් කළා.

Fargana Hoque ලකුණු 107 ක් ලබා ගත් අතර, Shamima Sultana ලකුණු 52 යි. පන්දු යැවීමේ දී Sneh Rana ලකුණු 45 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ද ලකුණු 225 ක් පමණයි.

Harleen Deol ලකුණු 77 ක් හා Smriti Mandhana ලකුණු 59 ක් ලබා ගත්තා. Jemimah Rodrigues නොදැවී ලකුණු 33 ක් ලබා කඩුල්ලේ රැදී සිටියද අනෙක් අන්තයේ සියලු කඩුලු බිද වැටීම හේතුවෙන් ඇයට සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යාමට හැකි වූයේ නැහැ.

පන්දුවාර 46 ක් අවසානයේ දී ඉන්දියාවට කඩුලු 4 ක් අතැතිව තරගය ජය ගැනීමට අවශ්‍යව තිබුණේ පන්දු 24 කින් ලකුණු 14 ක් පමණයි. කෙසේ වෙතත්, ඉන්දියාවේ අවසන් කඩුලු 4 ලකුණු 13 ක් තුළ දැවී යාමත් සමග තරගයේ ජය ඉන්දියාවෙන් ගිලිහී ගියා.

පන්දු යැවීමේ දී Nahida Akter ලකුණු 37 කට කඩුලු 3 ක් හා Marufa Akter ලකුණු 55 කට කඩුලු 2 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...