චහෙල් – දෙව්දුත් බැංගලෝරයට ලකුණු 10ක ජයක් ගෙනෙයි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් ජය වාර්තා කිරීමට විරාට් කෝලි නායකත්වය දරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා.

ඩුබායි හි පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ ඩේවිඩ් වෝනර් නායකත්වය දරන සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 163ක් ලබා ගත්තා.

ඒ, කාසියේ වාසිය දිනූ හයිදරාබාද් කණ්ඩායමේ ඇරයුමෙන්.

සිය මංගල අයි.පී.එල් තරගයට ක්‍රීඩා කළ Devdutt Padikkal ලකුණු 56ක් රැස් කළා.

ඒ.බී. ඩි විලියස් ලකුණු 51ක්, ආරෝන් ෆින්ච් ලකුණු 29ක් සහ විරාට් කෝලි ලකුණු 14 ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හයිදරාබාද් කණ්ඩායමට පන්දුවාර 19.4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 153ක් පමණයි.

ඩේවිඩ් වෝනර් අවාසනාවන්ත ලෙස ලකුණු 6කට දුවද්දී දැවී ගියා.

ජොනී බෙයාර්ස්ටව් ලකුණු 61ක් සහ මනීෂ් පාන්ඩේ ලකුණු 34ක් රැස් කළා.

සෙසු කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට බැංගලෝර් පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

යුස්වේන්ද්‍ර චහෙල් ලකුණු 18කට කඩුලු 3ක් බිද හෙලමින් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...