ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ඊයේ නිමා වුණේ සුපිරි පන්දුවාරයක ජයක් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට හිමි කර දෙමින්.
කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමට එරෙහිව පැවැති මෙම තරගයේ දී කණ්ඩායම් දෙකම කඩුලු 8ක් දැවී ලබා ගත්තේ ලකුණු 157ක් පමණයි.
තරගයේ දෙවනුව පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩායම වෙනුවෙන් මයාන්ක් අගාර්වල් ලකුණු 89ක් ලබා ගත්තේ තරගයේ ජය අභියසටම කණ්ඩායම රැගෙන යමින්.
එහිදී ඉනිමේ 19 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවේ දී වූ සිදුවීමක් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුව ඇති බවක් දක්නට ලැබෙනවා.
අගාර්වල් සහ ක්‍රිස් ජෝර්ඩන් එම පන්දුවට ලකුණු දෙකක් කරා දිව ගියද විනිසුරුවන් විසින් ලබා දුන්නේ එක් ලකුණක් පමණයි.
ඒ, ක්‍රිස් ජෝර්ඩන් විසින් පළමු ලකුණ නිසි ලෙස සම්පූර්ණ නොකළ බවට පිටියේ විනිසුරුවරයෙකු (square leg umpire) සළකුණු කිරීම හේතුවෙන්.
කෙසේ වෙතත්, පුනරූපනවලින් පෙනී ගියේ ඔහු විසින් එම ලකුණ නිසි පරිදි සම්පූර්ණ කර ඇති බවයි.
ඒ අනුව අදාළ ලකුණ පන්ජාබ් පිලට ලැබුණේනම් තරගය ජය ගැනීමේ අවස්ථාව පන්ජාබ් කණ්ඩායමට හිමි වීමට ඉඩ තිබූ බවයි බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක විරේන්ද ෂෙවාග් සදහන් කළේ තරගයේ වීරයා සම්මානය විනිසුරුට ලබා දිය යුතුව තිබූ බවයි.
දර්ශන පහතින් –
https://twitter.com/TrentWoodhill/status/1307745503505862656?s=09
I don’t agree with the man of the match choice . The umpire who gave this short run should have been man of the match.
Short Run nahin tha. And that was the difference. #DCvKXIP pic.twitter.com/7u7KKJXCLb— Virrender Sehwag (@virendersehwag) September 20, 2020

