සුපිරි පන්දුවාරයේ ජය දිල්ලියට – අගාර්වල්ගේ හුදෙකලා ඉනිම අපතේ යයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් සුපිරි පන්දුවාරයේ ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම සමග පැවැති තරගයේ දී කණ්ඩායම් දෙකම සම ලකුණු ලබා ගැනීම හේතුවෙන්.

ඩුබායිහි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 157ක් ලබා ගත්තා.

ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 13ක්ව තිබියදී බිද වැටුණා.

අනතුරුව නායක ශ්රෙයස් අයියර් සහ රිෂාබ් පාන්ට් අතර සිව්වන කඩුල්ල සදහා ලකුණු 73ක සබදතාවයක් ගොඩ නැගුණා.

ශ්රෙයස් අයියර් ලකුණු 39ක් සහ රිෂාබ් පාන්ට් ලකුණු 31ක් රැස් කළා.

ඉනිමේ අවසන් භාගයේ දී පිටියට පිවිසි මාර්කස් ස්ටොයිනිස් පන්දු 21කින් ලකුණු 53ක් ලබා ගනිමින් දිල්ලි කණ්ඩායම තරගකාරී ලකුණු සංංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වීම විශේෂත්වයක්.

ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 7ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී මොහොමඩ් ෂාමි ලකුණු 15කට කඩුලු 3ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පන්ජාබ් කණ්ඩායම ද නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත්තේ ලකුණු 157ක් පමණයි.

ඉනිමේ සියලු පිතිකරුවන් අසාර්ථක වෙද්දී හුදෙකලා සටනක නිරත වූ මයාන්ක් අගාර්වල් පන්දු 60කින් ලකුණු 89ක් ලබා ගත්තා.

ඒ, හයේ පහර 4ක් සහ හතරේ පහර 7ක් ඉනිමට ඇතුළත් කරමින්.

තරගය ජය ගැනීම සදහා අවසන් පන්දු 3ට එක් ලකුණක් පමණක් ලබා ගැනීමට පන්ජාබ් කණ්ඩායමට අවශ්‍යව තිබූ නමුත් ඉනිමේ අවසන් පන්දු දෙකේ දී මයාන්ක් අගාර්වල් සහ ක්‍රිස් ජෝර්ඩන් දැවී යාමත් සමග තරගය ලකුණු සම වීමෙන් අවසන් වුණා.

අනතුරුව තරගයේ ජයග්‍රාහකයා තෝරා ගැනිම සදහා ලබා දුන් සුපිරි පන්දුවාරයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පන්ජාබ් කණ්ඩායමට සිය කඩුලු දෙකම දැවී පන්දු 3ක දී ලබා ගත හැකි වූයේ ලකුණු 2ක් පමණයි.

පිළිතුරු ලෙස දිල්ලි කණ්ඩායම පන්දු දෙකකින් කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

තරගයේ වීරයා මාර්කස් ස්ටොයිනිස්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...