ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගත් පාකිස්තානය වෙනුවෙන් ලබා දුන් ත්‍යාග මුදල සම්බන්ධයෙන් ඇති වූ ගැටලුව පිළිබද අදහස් පල කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
තරගයෙන් පසුව පාකිස්තාන නායක බාබර් අසාම්ට පිරිනැමුණු ප්‍රදර්ශනාත්මක මුදල් චෙක්පතෙහි ත්‍යාග මුදල ලෙස ඉලක්කමෙන් ඇමෙරිකානු ඩොලර් 5,000 ක් ලෙස සටහන් කර තිබුණා.
කෙසේ වෙතත්, අකුරෙන් එය සදහන් කර තිබුණේ ඇමෙරිකානු ඩොලර් දෙදහසක් යනුවෙනුයි.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන්ව ඇත්තේ අදාළ ත්‍යාග මුදල ඇමෙරිකානු ඩොලර් 5,000 ක් ලෙස නිවැරැදි විය යුතු බවයි.
එමෙන්ම සිදු වූ වරද සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කරන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
දෙරට අතර ගාල්ලේ දී අද (20) නිමා වූ පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 4කින් පරාජයට පත් වුණා.

