නායකත්වයෙන් සමු ගැනීමේ තීරණයේ වෙනසක් නැහැ – දිමුත්

Date:

පාකිස්තානය සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් පසුව නායකත්වයෙන් ඉවත් වීමට තමා තවදුරටත් අපේක්ෂාවෙන් පසුවන බව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා.

පාකිස්තානය සමග ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක පරාජයක් ලැබීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

මීට පෙර දිමුත් සදහන් කර තිබුණේ නිමා වූ අයර්ලන්ත ටෙස්ට් තරගාවලියෙන් පසුව නායකත්වයට සමු දීමට සූදානමින් සිටින බවයි.

ඒ සදහා තේරීම් කමිටුවෙන් ඉල්ලීමක් සිදු කර තිබූ නමුත්, දිමුත් අද අනාවරණය කළේ තමාට තවදුරටත් නායකත්වයේ රැදී සිටින ලෙස තේරීම් කමිටුව දන්වා තිබූ බවයි.

නමුත්, පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලියෙන් පසුව හෝ නව නායකයෙකු ටෙස්ට් කණ්ඩායම සදහා පත් කරන ලෙසට තමා තේරීම් කමිටුවෙන් ඉල්ලා ඇති බව ඔහු කියා සිටියා.

සිය පිතිකරණය පිළිබද වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් තමා එලෙස නායකත්වයෙන් ඉවත් වීමට අපේක්ෂා කරන බවයි ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා සදහන් කළේ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...