ත්‍යාග මුදලේ වරද ගැන ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

Date:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගත් පාකිස්තානය වෙනුවෙන් ලබා දුන් ත්‍යාග මුදල සම්බන්ධයෙන් ඇති වූ ගැටලුව පිළිබද අදහස් පල කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

තරගයෙන් පසුව පාකිස්තාන නායක බාබර් අසාම්ට පිරිනැමුණු ප්‍රදර්ශනාත්මක මුදල් චෙක්පතෙහි ත්‍යාග මුදල ලෙස ඉලක්කමෙන් ඇමෙරිකානු ඩොලර් 5,000 ක් ලෙස සටහන් කර තිබුණා.

කෙසේ වෙතත්, අකුරෙන් එය සදහන් කර තිබුණේ ඇමෙරිකානු ඩොලර් දෙදහසක් යනුවෙනුයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ සදහන්ව ඇත්තේ අදාළ ත්‍යාග මුදල ඇමෙරිකානු ඩොලර් 5,000 ක් ලෙස නිවැරැදි විය යුතු බවයි.

එමෙන්ම සිදු වූ වරද සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කරන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

දෙරට අතර ගාල්ලේ දී අද (20) නිමා වූ පළමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 4කින් පරාජයට පත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...