2005 වසරෙන් පසුව T20 Blast ශූරතාවය සමර්සෙට් කණ්ඩායමට

Date:

බ්‍රිතාන්‍යයේ පැවැති අන්තර් ප්‍රාන්ත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ (T20 Blast) ශුරතාවය දිනා ගැනීමට සමර්සෙට් කණ්ඩායම සමත් වුණා.

ඒ, බර්මිංහැම්හි පැවැති අවසන් මහා තරගයේ දී එසෙක්ස් කණ්ඩායම පරදා ලකුණු 14 ක ජයක් වාර්තා කරමින්.

සමර්සෙට් කණ්ඩායම T20 Blast ශූරතාවය දිනා ගත්තේ 2005 වසරෙන් පසුව පළමු වරට වීම විශේෂත්වයක්.

අවසන් තරගයේ කාසියේ වාසිය දිනූ එසෙක්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සමර්සෙට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 145 ක් ලබා ගත්තා.

Sean Dickson ලකුණු 53 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී Shane Snater හා Paul Walter කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එසෙක්ස් කණ්ඩායමට පන්දුවාර 18.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 131 ක් පමණයි.

Daniel Sams පන්දු 26 කින් ලකුණු 45 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී Matt Henry කඩුලු 4 ක් හා Ish Sodhi කඩුලු 3 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...