ශහීන් අෆ්රිඩිගෙන් පිට පිට කඩුලු 4ක් – තිලාන්ගේ කඩුල්ලත් ඒ අතර

Date:

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශාහ් අෆ්රිඩි අද(20) නව වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.

ඒ, පිට පිට පන්දු 4 කින් කඩුලු 4ක් දවා ගනිමින්.

එංගලන්ත ප්‍රාන්ත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය යටතේ මිඩ්ල්සෙක්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේ දී යි ඔහු මෙම දක්ෂතාවය දක්වනු ලැබුවේ.

මෙවර තරග වාරයේ දී ශහීන් ශාහ් අෆ්රිඩි නියෝජනය කරන්නේ හැම්ප්ෂෙයාර් කණ්ඩායමයි.

සවුත්හැම්ටන්හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් හැම්ප්ෂෙයාර් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 141ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මිඩ්ල්සෙක්ස් කණ්ඩායමට පන්දුවාර 18කදී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 121ක් පමණයි.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ශහීන් ශාහ් අෆ්රිඩි පන්දුවාර 4 තුළ දී ලකුණු 19ක් පමණක් ලබා දී දවා ගත් කඩුලු සංඛ්‍යාව 6ක්.

ඉනිමේ අවසන් කඩුලු 4 ඔහු අඛණ්ඩව පන්දු 4කදී දවා ගැනීමට සමත් වුණේ කෙලින්ම පන්දුව කඩුල්ලට යොමු කරමින්.

ඔහු දවා ගත් කඩුලු අතරට ශ්‍රී ලංකාවේ උපන් තිලාන් වලල්ලාවිටගේ කඩුල්ල ද ඇතුළත්.

දැවී ගිය සෙසු පිතිකරුවන් වූයේ John Simpson, Steven Finn සහ Tim Murtagh.

මෙම තරගයෙන් හැම්ප්ෂෙයාර් කණ්ඩායම ලකුණු 20ක ජයක් වාර්තා කළා.

කඩුලු 4 දවා ගත් අයුරු පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...