බට්ලර්ට චෙන්නායට එරෙහි පළමු තරගය අහිමි වෙයි

Date:

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු ජොස් බට්ලර්ට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රාජස්ථාන් කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු මේ වන විට සිය පවුලේ සාමාජිකයින් සමග ඩුබායි නුවර නිරෝධායනයට ලක් වෙමින් සිටින බැවින්.

අයි.පී.එල් තරගාවලිය ආරම්භ වීමට පෙර ඔස්ට්‍රේලියා සහ එංගලන්ත ක්‍රීඩකයින් එංගලන්තයේ දී ජෛව ආරක්ෂිත පරිසරයක් තුළ සීමිත පන්දුවාර තරගාවලි ක්‍රීඩා කළා.

ඉන් අනතුරුව ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පැමිණීම හේතුවෙන් ඔවුන්ගේ නිරෝධායන කාලය පැය 36කට පමණක් සීමා කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත්, ජොස් බට්ලර් පෞද්ගලික හේතුවක් මත ඔස්ට්‍රේලියා තරගාවලිය සදහා ක්‍රීඩා කළේ නැහැ.

ඒ අනුව ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණීමෙන් අනතුරුව දින 6ක කාලයක් නිරෝධායනය සදහා යොමු කර ඇති බව සදහන්.

මෙවර තරගාවලිය යටතේ රාජස්ථාන් කණ්ඩායම සහභාගී වන පළමු තරගය එළඹෙන අගහරුවාදා (22) චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...