ගුර්බාස්-සඩ්‍රාන් වාර්තාගත ප්‍රහාරය හා ෆරූකි-මුජීබ්ගේ කඩුලු 6 ඇෆ්ඝනිස්තානයට තරගාවලි ජය තහවුරු කරයි

Date:

රහ්මනුල්ලාහ් ගුර්බාස් හා ඊබ්‍රහීම් සඩ්‍රාන්ගේ විශිෂ්ඨ පිතිහරඹය හමුවේ බංග්ලාදේශය සමග පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 142 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට සංචාරක ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අද(8) සමත් වුණා.

Chattogram හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය කඩුලු 9ක් දැවී ලකුණු 331 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 43.2 ක් අවසානයේ දී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 189 ක් පමණයි.

බංග්ලාදේශ ඉනිමේ 6 වැනි කඩුල්ල ලකුණු 72 දී බිද වැටුණා. කෙසේ වෙතත් මුෂ්ෆිකර් රහීම් ලකුණු 69 ක් හා මෙහිදි හසාන් මිරාස් ලකුණු 25 ක් රැස් කරමින් බංග්ලාදේශය යම් ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණා.

පන්දු යැවීමේ දී ෆසල්හක් ෆරූකි හා මුජිබ් උර් රහ්මාන් කඩුලු 3 බැගින් දවා ගත් අතර, රෂීඩ් ඛාන් කඩුලු 2 ක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තාන ඉනිමේ ආරම්භක කඩුල්ල සදහා ලකුණු 256 ක වාර්තාගත සම්බන්ධතාවයක් පිහිටුවීමට රහ්මනුල්ලාහ් ගුර්බාස් හා ඊබ්‍රහීම් සඩ්‍රාන් සමත් වුණා. එය ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් ඕනෑම කඩුල්ලක් සදහා එක්දින තරගයකදී වාර්තා වූ හොදම ලකුණු සම්බන්ධතාවයයි.

ගුර්බාස් පන්දු 125 කින් ලකුණු 145 ක් රැස් කළේ හයේ පහර 8 ක් හා හතරේ පහර 13 ක් සමගින්. සඩ්‍රාන් ලකුණු 100 ක් රැස් කළා. පන්දු 119 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 9 ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී මුස්ටර්ෆිසුර් රහ්මාන්, හසන් මහ්මුද්, ශකිබ් අල් හසාන් හා මෙහිදි හසාන් මිරාස් කඩුලු 2 බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...