දිමුත්ට අවසන් මහා තරගය අහිමි වන ලකුණු

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට හෙට(9) නෙදර්ලන්තය සමග පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බව වාර්තා වනවා.

අද දෙරණ කෙළිබිම වාර්තා කර ඇත්තේ ඔහුගේ පාදයක සිදුව ඇති ආබාධයක් හේතුවෙන් මෙලෙස දිමුත්ට හෙට තරගය අහිමි වී ඇති බවයි.

මෙම තරගාවලියේ දී දිමුත් ඉනිම් 7 කදී ලකුණු 369 ක් වාර්තා කිරීමට සමත් වූ අතර, තරගාවලියේ තෙවැනි වැඩිම ලකුණුලාභියා වන්නේ ද ඔහුයි.

අවසන් මහා තරගය හෙට මෙරට වේලාවෙන් දහවල් 12.30ට හරාරේ හී දී ආරම්භ වීමට නියමිතයි.

සුපිරි 6 වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගනිමිනුයි ශ්‍රී ලංකා කණ්ඩායම අපරාජිතවම අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගත්තේ.

ශ්‍රී ලංකාව මේ වන විට අඛණ්ඩව එක්දින තරග 9ක් ජයගෙන තිබීම ද විශේෂත්වයක්.

හෙට තරගයේ ප්‍රතිපලය කුමක් වුවත්, ලෝක කුසලාන තරගාවලිය සදහා ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය මේ වන විටත් සුදුසුකම් ලබා අවසන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...