ශ්‍රී ලංකා සංචාරය අරඹමින් පාකිස්තාන කණ්ඩායම හෙට දිවයිනට

Date:

ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම හෙට(9) පෙරවරුවේ දී දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

මෙම තරග සංචාරයේ දී දෙරට අතර තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට නියමිත අතර, එම තරගාවලිය අයි.සී.සී ලෝක ටෙස්ට් ශුරතාවලියේ 2023-25 අදියර යටතේ කණ්ඩායම් දෙකම ක්‍රීඩා කරන පළමු තරගාවලියයි.

ටෙස්ට් තරගාවලිය ආරම්භ කිරීමට පෙර පාකිස්තාන කණ්ඩායම ජූලි 11 වැනිදා හා 12 වැනිදා දෙදින පුහුණු තරගයක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

 

Post by @hitwicketlk
View on Threads

 

එම තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

පළමු ටෙස්ට් තරගය ජූලි 16 වැනිදා ගාල්ලේ දී ද, දෙවැනි ටෙස්ට් තරගය ජූලි 24 වැනිදා කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී ද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Pakistan squad:

Babar Azam (c), Mohammad Rizwan (vc & wk), Aamir Jamal, Abdullah Shafique, Abrar Ahmed, Hasan Ali, Imam-ul-Haq, Mohammad Huraira, Mohammad Nawaz, Naseem Shah, Noman Ali, Salman Ali Agha, Sarfaraz Ahmed (wk), Saud Shakeel, Shaheen Afridi and Shan Masoo

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...