මැක්මිලන් ශ්‍රී ලංකා සංචාරයෙන් ඉවත් වෙයි

Date:

එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ දි බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස කටයුතු කිරීමට නියමිතව සිටි නවසීලන්තයේ ක්‍රෙයිග් මැක්මිලන් එම තනතුරෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ, ඔහුගේ පියාගේ අභාවය හේතුවෙන්.

මෙම මස අගදී ඔහු බංග්ලාදේශ සංචිතය සමග එක්වීමටයි නියමිතව තිබුණේ.

මීට පෙර නෙයිල් මැකෙන්සි බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙස කටයුතු කළ අතර, ඔහු වෙනුවටයි ක්‍රෙයිග් මැක්මිලන් ශ්‍රී ලංකා සංචාරය සදහා පත් කිරීමට පසුගිය මාසයේ දී එරට ක්‍රිකට් ආයතනය කටයුතු කළේ.

නෙයිල් මැකෙන්සි පෞද්ගලික හේතුවක් මත එම ධූරයෙන් ඉවත් වීම පදනම් කර ගනිමින් අදාළ නව පත් කිරීම සිදු කෙරුණා.

මැක්මිලන් මීට පෙර වසර 5ක කාලයක් නවසීලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ද කටයුතු කළා.

බංග්ලාදේශ කණ්ඩායම තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහා ලබන 27 වනදා මෙරටට පැමිණීමට සැලසුම් කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...