ඩු ප්ලෙසිස් රැක ගත් සුපිරි උඩ පන්දු දෙක

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඊයේ(20) ආරම්භ වුණේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට පළමු තරගයෙන් ජය හිමි කර දෙමින්.

ඔවුන් හමුවේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත් වුණා.

මෙම තරගයේ දී මුම්බායි කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදුන් අතර, එහිදී පන්දු රැකීමෙන් සුවිශේෂී දක්ෂතා දැක් වීමට චෙන්නායි කණ්ඩායමේ ෆෆ් ඩු ප්ලෙසිස් සමත් වීම මේ වන විටත් බොහෝ දෙනෙකුගේ වැඩි අවධානයට යොමුව ඇති කරුණක්.

එහිදී ඔහු රැක ගත් උඩ පන්දු සංඛ්‍යාව 3ක්.

ඉන් උඩ පන්දු දෙකක්ම සුවිශේෂී වූයේ ඒවා හතරේ සීමාව ආසන්නයේ දී ම රැක ගැනීම හේතුවෙන්.

සවුරාබ් තිවාරි සහ හර්ඩික් පාන්ඩ්යා පහරවල් දෙකක් ඉහළින් එල්ල කළ අතර, එම අවස්ථාවන් දෙකේදී පන්දුව හයේ සීමාව ඉක්මවා යාමට ඉඩ නොදී ෆෆ් ඩු ප්ලෙසිස් විසින් විශිෂ්ඨ අන්දමින් රැක ගැනීම ජාත්‍යන්තර විස්තර විචාරකයින්ගේ ද දැඩි පැසසුමට ලක්වනු දක්නට ලැබුණා.

ඊට අදාළ දර්ශන මෙතනින්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...