මුම්බාය සුපුරුදු පළමු පරාජය ලබයි – චෙන්නායට කඩුලු 5ක ජයක්

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 13 වන අදියරේ පළමු තරගයෙන් ජය වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ කඩුලු 5කින් පරාජයට පත් වූයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.

අබුඩාබිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තා.

සවුරාබ් තිවාරි ලකුණු 42ක් සහ ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 33ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවිමේ දී ලුන්ගි එන්ගිඩී කඩුලු 3ක් බිද හෙලූ අතර, දීපක් චහාර් සහ රවීන්ද්‍ර ජඩේජා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 4ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 5ක් දැවී සිටියදීයි.

අම්බටි රයිදු පන්දු 48කින් ලකුණු 71ක් ලබා ගත්තා.

ෆෆ් ඩු ප්ලෙසිස් නොදැවී ලකුණු 55ක් ලබා ගනිමින් චෙන්නායි ජය තහවුරු කළා.

ඔවුන් දෙදනා අතර තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණු සබදතාවය ලකුණු 115ක්.

මෙය මුම්බායි කණ්ඩායම හමුවේ අඛණ්ඩව තරග 5ක් පරාජයට පත්වීමෙන් අනතුරුව චෙන්නායි කණ්ඩායම ලැබූ පළමු ජය වීම විශේෂත්වයක්.

2012 වසරෙන් අනතුරුව මුම්බායි කණ්ඩායම මෙතෙක් පැවැති කිසිදු අයි.පී.එල් තරගාවලියක දී තමන් සහභාගී වූ පළමු තරගය ජය ගැනීමට සමත් වී නැහැ.

එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මේ වන විට ක්‍රීඩා කර ඇති අයි.පී.එල් තරග හයම පරාජයට පත්ව තිබීම ද විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...