මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේදි වැඩිම මිලකට අළෙවි වූ ක්‍රීඩකයන් 10 දෙනා මෙන්න

Date:

අදින් (19) ආරම්භ වන 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා තරග වදින කණ්ඩායම් සදහා ක්‍රීඩකයන් තෝරා ගැනීම වෙනුවෙන් වූ ක්‍රීඩක වෙන්දේසිය පසුගිය වසරේ දෙසැම්බර් 19 වනදා පැවැත්වුණා.

මේ වසරේ මාර්තු 29 වනදා තරගාවලිය ආරම්භ වීමට නියමිතව තිබුණ ද අනපේක්ෂිතව ඇති වූ කොරානා වසංගත තත්ත්වය නිසා තරගාවලිය කල් දැමීමටයි ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කළේ.

මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා පසුගිය වසරේ දී පැවති ක්‍රීඩක වෙන්දේසියේදී ලොව සුපිරි විස්සයි විස්ස ක්‍රීඩකයන් රැසක් ඉහළ මිල ගණන් යටතේ අලෙවි වනු දැකගන්නට ලැබුණා.

එලෙසින් ක්‍රීඩක වෙන්දේසියේදී වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයන් 10 දෙනා පහතින් –

10. මාර්කස් ස්ටොයිනිස් – ඉන්දියානු රුපියල් කෝටි 4.8 ( දිල්ලි කැපිටල්ස් ) ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටී 12 යි.

09. ඉයන් මෝර්ගන් – ඉන්දියානු රුපියල් කෝටි 5.25 ( කොල්කටා නයිට් රයිඩර්ස් ) ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටී 13.23

08. සෑම් කරන් – ඉන්දියානු රුපියල් කෝටි 5.5 ( චෙන්නායි සුපර් කින්ග්ස් ) ශ්‍රී ලංකා මුදලින් කෝටී 13.86 ක්

07. පියූෂ් චව්ලා – ඉන්දියානු රුපියල් කෝටි 6.75 ( චෙන්නායි සුපර් කින්ග්ස් ) ශ්‍රී ලංකා මුදලින් කෝටී 17.01 ක්

06. ශිම්රන් හෙට්මයර් – ඉන්දියානු රුපියල් කෝටි 7.75 ( දිල්ලි කැපිටල්ස් ) ශ්‍රී ලංකා මුදලින් කෝටී 19.53 ක්

05. නේතන් කෝල්ටර්නයිල් – ඉන්දියානු රුපියල් කෝටි 8 ( මුම්බායි ඉන්දියන්ස් ) ශ්‍රී ලංකා මුදලින් කෝටී 20.16 ක්

04. ශෙල්ඩන් කෝට්‍රල් – ඉන්දියානු රුපියල් කෝටි 8.5 ( කින්ග්ස් එලවන් පන්ජාබ් ) ශ්‍රී ලංකා මුදලින් කෝටී 21.42 ක්

03. ක්‍රිස් මොරිස් – ඉන්දියානු රුපියල් කෝටි 10 ( රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් ) ශ්‍රී ලංකා මුදලින් කෝටී 25.20 ක්

02. ග්ලේන් මැක්ස්වෙල් – ඉන්දියානු රුපියල් කෝටි 10.75 ( කින්ග්ස් ලෙවන් පන්ජාබ් ) ශ්‍රී ලංකා මුදලින් කෝටී 27.09 ක්

01. පැට් කමින්ස් – ඉන්දියානු රුපියල් කෝටි 15.5 ( කොල්කටා නයිට් රයිඩර්ස් ) ශ්‍රී ලංකා මුදලින් කෝටී 39.06 ක්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...