ආබාධ නිසා කුසල්ට LPL අහිමි වීමේ අවධානමක් – ප්‍රධාන ක්‍රීඩකයින්ගේත් වෙනසක්

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන ක්‍රීඩකයින් (Icon players) ගණන 5 සිට 6 දක්වා ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, වමත් පිතිකරු කුසල් ජනිත් පෙරේරාගේ ආබාධ අවධානම හේතුවෙන්.

ඒ අනුව නිරෝෂන් දික්වැල්ල ද ප්‍රධාන ක්‍රීඩකයෙකු ලෙස නම් කර ඇති බව සදහන්.

newswire වෙබ් අඩවියට අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා සදහන් කර ඇත්තේ කුසල් ජනිත් මිලදී ගන්නා කණ්ඩායමට නිරෝෂන් දික්වැල්ල ද හිමි වනු ඇති බවයි.

මෙවර තරගාවලියේ සෙසු ප්‍රධාන ක්‍රීඩකයින් වන්නේ ඇන්ජෙලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, තිසර පෙරේරා සහ දසුන් ශානකයි.

අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ ඔක්තෝම්බර් මස පළමුවැනිදා එල්.පී.එල් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය සිදු කිරීමට නියමිතයි.

එහිදී තරග වදින කණ්ඩායම් 5 සඳහා එක් කණ්ඩායමකට විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු වන පරිදි විදෙස් ක්‍රීඩකයින් 30 දෙනෙකු තෝරා ගැනීමේ හැකියාව පවතිනවා.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර් 14 වැනිදා සිට දෙසැම්බර් 06 වැනිදා දක්වා රංගිරි දඹුල්ල, පල්ලකැලේ සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතයි.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...