ප්‍රජාපතිගේ ශතකය අපතේ යවමින් විලියම්ස්ගේ 142 සිම්බාබ්වේ පිලට තියුණු ජයක් හිමි කර දෙයි

Date:

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 වටය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් ඕමානය පරදා ලකුණු 14 ක තියුණු ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අද(29) සමත් වුණා.(සුපිරි හය වටයේ ප්‍රසාද ලකුණු සටහන පහතින්)

බුලවායෝහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඕමානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 332 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමානය පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 318 ක්.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු Kashyap Prajapati පන්දු 97 කින් ලකුණු 103 ක් රැස් කළේ හයේ පහරක් හා හතරේ පහර 12 ක් සමගින්.

Ayaan Khan ලකුණු 47 ක් ද, Aqib Ilyas ලකුණු 45 ක් ද ලබා ගත්තා. Mohammad Nadeem නොදැවී ලකුණු 30(18) යි.

පන්දු යැවීමේ දී බ්ලෙසින්ග් මුසරබානි හා ටෙන්ඩයි චටාරා කඩුලු 3 බැගින් දවා ගත් අතර, රිචර්ඩ් එන්ගරාවා කඩුලු 2 ක් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ ඉනිම වෙනුවෙන් ශෝන් විලියම්න් සුපිරි ශතකයක් වාර්තා කරමින් පන්දු 103 කින් ලකුණු 142 ක් රැස් කිරීමට සමත් වුණා. හයේ පහර 3 කින් හා හතරේ පහර 14 කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

ලුක් ජොන්ග්වේ පන්දු 28 කින් නොදැවී ලකුණු 43 ක් හා සිකන්ඩ රාසා ලකුණු 42 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Fayyaz Butt ලකුණු 79 කට කඩුලු 4 ක් බිද හෙලුවා.

[team_standings 47779]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...