සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය මෙරට වේලාවෙන් ඊයේ(29) රාත්‍රියේ නිමා වුණා.
ඒ වන විට ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන මෙම තරගයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 278 ක්.
සැක් ක්‍රව්ලි හා බෙන් ඩකට් අතර පළමු කඩුල්ල සදහා ලකුණු 91 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා. ක්‍රව්ලි ලකුණු 48 කට දැවී ගිය අතර, ඩකට් ලකුණු 98 ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දැවී ගියා.
ඔලී පෝප් ලකුණු 42 යි. ජෝ රූට් ලකුණු 10 කට දැවී ගියා. නොදැවී පන්දුවට පහරදෙන හැරී බෘෘක් ලකුණු 45 ක් හා නායක බෙන් ස්ටොක්ස් ලකුණු 17 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක්, ජොෂ් හේසල්වුඩ්, නේදන් ලයන් හා කැමරන් ග්‍රීන් කඩුල්ල බැගින් බිද හෙලුවා.
එංගලන්ත ඉනිම අතරවාරයේ දී ඔස්ට්‍රේලියානු දග පන්දු යවන ක්‍රීඩක නේදන් ලයන් ආබාධයකට ලක් වූ අතර, ඔහුට මෙම තරගයේ දී යළි පන්දු යැවීමට නොහැකි වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
දෙවැනි දිනය ආරම්භ කරන විට තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 5ක් දැවී ලකුණු 339 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 416 ක්. ඉනිමේ අවසන් කඩුලු 5 දැවී ගියේ ලකුණු 65 ක් තුළදීයි.
ස්ටීවන් ස්මිත් ලකුණු 110 ක් රැස් කළේ හතරේ පහර 15 ක් සමගින්. ඩේවිඩ් වෝනර් ලකුණු 66 ක් ලබා ගත් අතර, ට්‍රැවිස් හෙඩ් පන්දු 73 කින් වේගවත් ලකුණු 77 ක් ලබා ගත්තා. මර්නස් ලබුෂේන් ලකුණු 47 යි. ඇලෙක්ස් කෙරී හා පැට් කමින්ස්(නොදැවී) ලකුණු 22 බැගින් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී ඔලී රොබින්සන් හා ජොෂ් ටොන්ග් කඩුලු 3 බැගින් බිද හෙලූ අතර, ජෝ රූට් කඩුලු 2 ක් බිද හෙලුවා.
ඒ අනුව මේ වන විට එංගලන්තය පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 138 ක්.

