චමීර ඉවතට ; ආදේශක ක්‍රීඩකයෙකුත් තේරීම් කමිටුව නම් කරයි

Date:

ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි හය වටයේ තරග ද ක්‍රීඩා කිරීමට නොහැකි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(29) නිවේදනය කළා.

තරඟාවලියේ පළමු තරගයට පෙර පුහුණුවීම් කටයුතුවල නිරතව සිටියේ දී යි චමීර දකුණු උරහිසෙහි ආබාධයකට ගොදුරු වුණේ.

ඒ හේතුවෙන් ඔහුට සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ පැවැති මූලික වටයේ සියලු තරග ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

ඔහු එම ආබාධයෙන් තවමත් සුවය ලබමින් සිටින බැවින් ඉදිරියේදී යළි ශ්‍රී ලංකාව බලා ගෙන්වා ගන්නා බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

මෙරටට පැමිණීමෙන් පසුව ඔහු ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ දී සිය ආබාධය සම්පූර්ණයෙන් සුව කර ගැනීම සඳහා අවශ්‍ය වන පුනරුත්ථාපන කටයුතුවල නිරත වීමට නියමිතයි.

චමීර වෙනුවට සංචිතය සඳහා ඩිල්ෂාන් මධුශංක ආදේශ කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

එම ආදේශ කිරීම සදහා තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය අවශ්‍ය වනවා.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට අවශ්‍යතාවයක් ඇති වුවහොත් කැදවීමේ අරමුණින් අතිරේක ක්‍රීඩකයින් තිදෙනෙකු නම් කිරීමට මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළ අතර, ඔවුන් තිදෙනා පසුගිය 23 වැනිදා බුලවායෝ හීදී සංචිතය සමග එක් වුණා.

එම ක්‍රීඩකයින් තිදෙනා අතරට ඇතුළත්ව සිටියේ වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක, දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ හා පිතිකරු සහන් ආරච්චිගේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...