ස්මිත්, හෙඩ් හා වෝනර් පළමු දිනයේ වැඩි ගෞරව ඔස්ට්‍රේලියාවට හිමි කර දෙයි

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය මෙරට වේලාවෙන් ඊයේ(28) රාත්‍රියේ නිමා වුණා.

ඒ වන විට ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දෙමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 5ක් දැවී ලකුණු 339 ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ස්ටීවන් ස්මිත් ලකුණු 85 ක් හා ඇලෙක්ස් කෙරී ලකුණු 11 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඔස්ට්‍රේලියානු ඉනිම ආරම්භ කළේ ඩේවිඩ් වෝනර් සමගින් උස්මාන් කවාජා. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ලකුණු 73 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා. කවාජා ලකුණු 17 කට දැවී ගියේ ජොෂ් ටොන්ග්ගේ පන්දුවක් හමුවේයි. පන්දුව නිදැල්ලේ යැවීමට ගත් උත්සාහයකදී එය කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් කවාජා දැවී ගියා.

අනතුරුව වෝනර් ලකුණු 66 ක් ලබා සිටියදී දැවී ගියේ ද ටොන්ග්ගේ සුපිරි පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්. පන්දු 88 කින් වාර්තා වූ වෝනර්ගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 8ක් ඇතුළත්.

තෙවැනි කඩුල්ල සදහා මර්නස් ලබුෂේන් හා ස්ටීවන් ස්මිත් අතර ලකුණු 102 (155) ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණු අතර, එම සබදතාවය බිද වැටුණේ ඔලී රොබින්සන්ගේ පන්දුවක් හමුවේ මර්නස් ලබුෂේන් ලකුණු 47 කට දැවී යාමත් සමගයි.

සිව්වැනි කඩුල්ල සදහා ස්මිත් හා ට්‍රැවිස් හෙඩ් ලකුණු 118 (122) ක වේගවත් සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. හෙඩ් පන්දු 73 කින් ලකුණු 77 ක් ලබා ගත්තා. ජෝ රූට්ගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට හසුව ඔහු දැවී ගිය අතර, එම පන්දුවාරයේ දී ම කැමරන් ග්‍රීන් ද ලකුණු නොලබා සිටියදී දැවී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...