මුහුණේ පන්දුව වැදුණු Yannic Cariah සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් ඉවතට

Date:

නාසයේ සිදු වූ අස්ථි බිදීමක් හේතුවෙන් ශල්‍යකර්මයකට මුහුණ දුන් බටහිර ඉන්දීය කොදෙව් දග පන්දු යවන ක්‍රීඩක Yannic Cariah ට 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් මේ දිනවල සිම්බාබ්වේ හී දී පැවැත්වෙන තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඒ අනුව ඔහු වෙනුවට Kevin Sinclair සංචිතයට ආදේශ කිරීම සදහා තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

ඔහු අද දිනයේ දී හරාරේ නුවර වෙත ළගා වීමට නියමිතයි. කොදෙව්වන් ක්‍රීඩා කරන මීලග තරගය ලබන පළමු වැනිදා පැවැත්වෙන්නේ ස්කොට්ලන්තයට එරෙහිවයි.

පුහුණුවීම් අතරතුර දී පන්දුවක් මුහුණේ වැදීම හේතුවෙනුයි Yannic Cariah මෙම ආබාධයට මුහුණ දී තිබුණේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ආරම්භ වීමට දිනකට පෙර ඔහු මෙම අනතුරුට ලක් වී තිබුණා.

අනතුරුව සිම්බාබ්වේ හි හරාරේ නුවර දී ඔහු ශල්‍යකර්මයකට මුහුණ දුන්නා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...