නවතම එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් නිවේදනය කෙරේ

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් සිය නවතම එක්දින ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද(28) නිවේදනය කළා.

ඒ අනුව 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළව මේ දිනවල සිම්බාබ්වේ හී දී පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු නිකලස් පූරාන් එක්දින පිතිකරුවන් ශ්‍රේණිග කිරීම්හි 20 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 13 කින්.

සිම්බාබ්වේහි සිකන්ඩ රාසා ද පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 7 කින් ඉදිරියට පැමිණ තිබෙනවා. ඔහු මේ වන විට රැදී සිටින්නේ 27 වැනි ස්ථානයේයි.

මේ අතර, ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

ඒ, සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී මේ දක්වා තරග 4කදී කඩුලු 18 ක් බිද හෙලමින් ඔහු දැක් වූ දක්ෂතාවය හේතුවෙන්.

ඒ අනුව හසරංග මේ වන විට පන්දු යවන්නන් අතර 24 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 2කින්. මහීෂ් තීක්ෂණ 53 වැනි ස්ථානය දක්වා ස්ථාන 10 කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

චරිත් අසලංක පිතිකරුවන් අතර 35 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ද, පැතුම් නිස්සංක 46 වැනි ස්ථානය දක්වා ස්ථාන 5 කින් ද, ඉදිරියට පැමිණ තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...