එංගලන්ත කාන්තා 20යි 20 සංචිතය නම් කෙරේ

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමග පැවැත්වෙන අළුබදුන තරග මාලාවේ 20යි 20 තරගාවලිය සදහා වන එංගලන්ත කාන්තා සංචිතය නම් කර තිබෙනවා.

මෙතෙක් ජාත්‍යන්තර 20යි 20 වරම් දිනා නොමැති තුන් ඉරියව් ක්‍රීඩිකා Danielle Gibson සංචිතය සදහා නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

Issy Wong යළි සංචිතය සදහා කැදවීමට ද පියවර ගෙන තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් අළුබදුන 20යි 20 තරගාවලිය ජූලි පළමු වැනිදා බර්මිංහැම් හී දී ආරම්භ වීමට නියමිතයි.

තරග රටා ත්‍රිත්වයෙන්ම යුත් කාන්තා අළුබදුන තරගමාලාව මේ වන විට ප්‍රසාද ලකුණු 4-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්ව සිටින්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි.

England T20I squad:

Heather Knight (c), Lauren Bell, Maia Bouchier, Alice Capsey, Kate Cross, Freya Davies, Charlie Dean, Sophia Dunkley, Sophie Ecclestone, Danielle Gibson, Sarah Glenn, Amy Jones (wk), Nat Sciver-Brunt, Issy Wong, Lauren Winfield-Hill, Danielle Wyatt

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...