374 ක් රැස් කළ කොදෙව්වන් සුපිරි පන්දුවාරය පරදියි ; නෙදර්ලන්තයට සුපිරි ජයක්

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ 18 වැනි තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරදා සුපිරි පන්දුවාරයේ දී සුපිරි ජයක් වාර්තා කිරීමට නෙදර්ලන්ත කණ්ඩායම අද(26) සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් කඩුලු 6 ක් දැවී ලකුණු 374 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළ නමුත්, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තය ද නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 9ක් දැවී ලකුණු 374 ක් රැස් කළේ තරගයේ ලකුණු ප්‍රමාණය සම තත්ත්වයකට රැගෙන එමින්.

ඒ අනුව ජයග්‍රාහකයා තෝරා ගැනීම සදහා සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට සිදු වුණා. එහිදී පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්තය සුපිරි පන්දුවාරයේ දී කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 30 ක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙනුණා. (දර්ශන පහතින් නරඹන්න)

ජේසන් හෝල්ඩර් විසින් එම පන්දුවාරය යොමු කළ අතර, එහිදී පිළිවෙලින් 4, 6, 4, 6, 6, 4 ක් වාර්තා කිරීමට Logan van Beek සමත් වුණා.

අනතුරුව නෙදර්ලන්තය වෙනුවෙන් van Beek යොමු කළ සුපිරි පන්දුවාරයේ දී කොදෙව්වන්ට රැස් කිරීමට හැකි වූයේ පන්දු 5 කදී කඩුලු දෙකම දැවී යමින් ලකුණු 8 ක් පමණයි.

මෙම ජයත් සමග නෙදර්ලන්තය සුපිරි 6 වටය සදහා ප්‍රසාද ලකුණු 2 ක් සමග පිවිසීමට නියමිත අතර, කොදෙව්වන්ට කිසිදු ප්‍රසාද ලකුණක් සුපිරි 6 වටය සදහා රැගෙන යාමට හැකි වන්නේ නැහැ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව් ඉනිම වෙනුවෙන් නිකලස් පූරාන් පන්දු 65 කින් ලකුණු 104 ක් නොදැවී රැස් කළේ හයේ පහර 6 ක් හා හතරේ පහර 9 ක් සමගින්.

බ්‍රෙන්ඩන් කිං ලකුණු 76 ක් ද, ජොන්සන් චාර්ල්ස් ලකුණු 54 ක් ද රැස් කළා. ෂේයි හෝප් ලකුණු 47 කට දැවී ගිය අතර, කීමෝ පෝල් නොදැවී ලකුණු 46(25) යි.

පන්දු යැවීමේ දී Bas de Leede හා Saqib Zulfiqar කඩුලු 2 බැගින් දවා ගත්තා.

අනතුරුව නෙදර්ලන්ත හඹා යාම වෙනුවෙන් Teja Nidamanuru පන්දු 76 කින් ලකුණු 111 ක් රැස් කළේ හයේ පහර 3 ක් හා හතරේ පහර 11 ක් සමගින්. Scott Edwards පන්දු 47 කින් ලකුණු 67 ක් ලබා ගත්තා.

Vikramjit Singh ලකුණු 37 ක් ද, Max O’Dowd ලකුණු 36 ක් ද, Bas de Leede ලකුණු 33 ක් ද ලබා ගනිමින් නෙදර්ලන්ත හඹා යාම ශක්තිමත් කළා.

Logan van Beek පන්දු 14 කින් ලකුණු 28 ක් ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය ආසන්නයටම රැගෙන ගිය නමුත්, තරගයේ අවසන් පන්දුවේ දී ඔහු දැවී ගියේ තරගය සුපිරි පන්දුවාරයක් කරා රැගෙන යාමට මග පාදමින්.

පන්දු යැවීමේ දී රොස්ටන් චේස් කඩුලු 3 ක් දවා ගත් අතර, අල්සාරි ජෝසප් හා අකීල් හොසෙයින් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...