කාන්තා අළුබදුන ටෙස්ට් තරගය දිනූ ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 4-0 ක් ලෙස පෙරමුණට

Date:

එංගලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැති අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 89 කින් ජය ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අද(26) සමත් වුණා.

ඒ අනුව තරග රටා ත්‍රිත්වයෙන්ම යුත් කාන්තා අළුබදුන තරගමාලාව මේ වන විට ප්‍රසාද ලකුණු 4-0 ක් ලෙස පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව සිටිනවා.

ටෙස්ට් තරගයේ අවසන් දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 268 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්ත කාන්තා පිල කඩුලු 5ක් දැවී ලකුණු 116 ක් ලබා සිටි අතර, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 178 ක් පමණයි.

එංගලන්ත දෙවැනි ඉනිම වෙනුවෙන් Danni Wyatt ලකුණු 54 ක් ලබා ගත් අතර, Emma Lamb ලකුණු 28 ක් හා Tammy Beaumont ලකුණු 22 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Ashleigh Gardner ලකුණු 66 කට කඩුලු 8 ක් දවා ගත්තා.

නොටින්හැම් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 473 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස එංගලන්තය රැස් කළ ලකුණු සංඛ්‍යාව 463 ක්.

අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 257 ක් රැස් කළා.

අළුබදුන තරග මාලව යටතේ දෙරට අතර 20යි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් ඉදිරියේ දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...