අයර්ලන්ත කණ්ඩායමට තරග ගාස්තුවෙන් 40% ක දඩ මුදලක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.
ඒ, ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඊයේ (25) පැවැති තරගයේ දී නියමිත කාලය තුළ දී පන්දුවාර සංඛ්‍යාව යවා නිමා නොකිරීම හේතුවෙන්.
අයර්ලන්ත කණ්ඩායම නියමිත කාලය නිමා වන විට පන්දුවාර 2ක් පිටුපසින් සිට ඇති අතර, ඒ අනුව තරග තීරක Shaid Wadvalla විසින් මෙම දඩ නියම කිරීම සිදු කර ඇති බව ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළා.
අයර්ලන්ත නායක Andrew Balbirnie විසින් සිය කණ්ඩායමේ වරද හා ලබා දුන් දඩුවම පිළිගෙන ඇති බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු වන්නේ නැහැ.
බුලවායෝ හී දී පැවැති අදාළ තරගයෙන් ශ්‍රී ලංකාව හමුවේ අයර්ලන්තය ලකුණු 133 කින් පරාජයට පත් වුණා.

