ශෝන්ගේ ප්‍රහාරය හමුවේ සිම්බාබ්වේ පිල එක්දින ඉතිහාසයේ දෙවැනි දැවැන්තම ජය ලබයි

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ 17 වැනි තරගයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය පරදා ලකුණු 304 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් සුපිරි 6 වටය සදහා අපරාජිතවම පිවිසීමට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අද(26) සමත් වුණා.

මෙම ජයග්‍රහනය වාර්තා අතරට එක් වුණේ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ දී කණ්ඩායමක් දෙවැනි ඉහළම ලකුණු පරතරය අතින් ලැබූ තරග ජයග්‍රහනය ලෙසයි.

හරාරේ හී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 409 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ඇමෙරිකාවට පන්දුවාර 25.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 104 ක් පමණයි.

Abhishek Paradkar ලකුණු 24 ක් ලබා ගත් අතර, Jessy Singh ලකුණු 21යි. පන්දු යැවීමේ දී රිචර්ඩ් එන්ගරාවා හා සිකන්ඩ රාසා කඩුලු 2 බැගින් බිද හෙලුවා. ඇමෙරිකා ඉනිමේ දී දුවද්දී දැවී යාම් 3 ක් වාර්තා වීම ද කැපී පෙනුණා.

කාසියේ වාසිය දිනූ ඇමෙරිකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණූ 408 ක් ලබා ගත්තේ කඩුලු 6 ක් දැවී සිටියදීයි. එය සිම්බාබ්වේ කණ්ඩායම එක්දින තරගයකදී වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

ඉනිමේ නැංගුරම බවට පත් වෙමින් අංක 3 පිතිකරු නායක ශෝන් විලියම්ස් පන්දු 101 ක් පමණක් වැය කරමින් ලකුණු 174 ක් රැස් කිරීමට සමත් වුණා. හයේ පහර 5 ක් හා හතරේ පහර 21 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා. විලියම්ස්ගේ ලකුණු 174 වාර්තා අතරට එක් වුණේ එක්දින ඉතිහාසයේ දී සිම්බාබ්වේ වෙනුවෙන් පිතිකරුවෙකු වාර්තා කළ තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

ආරම්භක පිතිකරු Joylord Gumbie ලකුණු 78 ක් රැස් කළ අතර, වේගවත් ඉනිම් ක්‍රීඩා කළ සිකන්ඩ රාසා ලකුණු 48(27) ක් හා රයන් බර්ල් ලකුණු 47(16) ක් ලබා ගනිමින් සිය කණ්ඩායම දැවැන්ත ලකුණු පුවරුවක් කරා රැගෙන යාමට දායකත්වය දෙනු ලැබුවා.

පන්දු යැවීමේ දී Abhishek Paradkar කඩුලු 3 ක් හා Jessy Singh කඩුලු 2 ක් බිද හෙලුවා.

[team_standings 47612]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...