සිම්බාබ්වේ පිලට පැරදුණු කොදෙව් කණ්ඩායමට අයි.සී.සීයෙනුත් දඩුවම්

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 60% ක දඩ මුදලක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ඒ, ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ සිම්බාබ්වේ කණ්ඩායම සමග ඊයේ (24) පැවැති තරගයේ දී නියමිත කාලය තුළ දී පන්දුවාර සංඛ්‍යාව යවා නිමා නොකිරීම හේතුවෙන්.

කොදෙව් කණ්ඩායම නියමිත කාලය නිමා වන විට පන්දුවාර 3ක් පිටුපසින් සිට ඇති අතර, ඒ අනුව තරග තීරක Muhammad Javed විසින් මෙම දඩ නියම කිරීම සිදු කර ඇති බව ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළා.

කොදෙව් නායක ෂේයි හෝප් විසින් සිය කණ්ඩායමේ වරද හා ලබා දුන් දඩුවම පිළිගෙන ඇති බැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු වන්නේ නැහැ.

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තරගයෙන් කොදෙව්වන් ලකුණු 35 ක පරාජයක් ලැබූ අතර, ඒ අනුව 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමේ කොදෙව් බලාපොරොත්තු ද මේ වන විට යම් අවධානමකට ලක්ව තිබෙනවා.

කෙසේ වෙතත්, සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 වටය සදහා කොදෙව්වන් මේ වන විටත් සුදුසුකම් ලබා අවසන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...