දිමුත්ගේ මංගල ශතකය හමුවේ ශ්‍රී ලංකාවෙන් අයර්ලන්තයට 326 ක ඉලක්කයක්

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ 15 වැනි තරගය මේ වන විට බුලවායෝ හි Queens Sports Club ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ඔවුන් තරගයේ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නා.

පන්දුවාර 49.5 අවසානයේ දී ශ්‍රී ලංකා පිල සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 325 ක්.

ආරම්භක කඩුල්ල සදහා දිමුත් කරුණාරත්න හා පැතුම් නිස්සංක අතර ලකුණු 48 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා. පැතුම් ලකුණු 20 කට දැවී ගියා. අනතුරුව යොමු කෙරුණු පළමු පන්දුවෙන්ම කුසල් මෙන්ඩිස් ද දවා ගැනීමට Barry McCarthy සමත් වීම විශේෂත්වයක්.

පසුව තෙවැනි කඩුල්ල සදහා ලකුණු 168 (159) ක සම්බන්ධතාවයක් පිහිටුවීමට දිමුත් සමග පිටියේ එක් වූ සධිර සමරවික්‍රම සමත් වුණා. සධීර අද රැස් කළේ සිය තෙවැනි එක්දින අර්ධ ශතකයයි. ඔහු පන්දු 86 කින් ලකුණු 82 ක් ලබා සිටියදී දැවී ගියා.

සිය මංගල එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කළ දිමුත් පන්දු 103 කින් ලකුණු 103 ක් ලබා ගත්තේ හතරේ පහර 8ක් සමගින්. මෙය ඔහු අඛන්ඩව එක්දින පිටියේ දී ලකුණු 50 සීමාව පසුකළ 5 වැනි අවස්ථාව වීම කැපී පෙනෙනවා.

ඔවුන් දෙදෙනාගේ දැවීයාම්වලින් පසුව ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය තරමක් පහළ අගයක් ගනු ලැබුවා. චරිත් අසලංක ලකුණු 38 කටත්, දසුන් ශානක ලකුණු 5කටත්, වනිදු හසරංග ලකුණු 4 කටත් දැවී ගියා.

ධනංජය ද සිල්වා පන්දු 35 කින් නොදැවී ලකුණු 42 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Mark Adair කඩුලු 4 ක් දවා ගත් අතර, Barry McCarthy කඩුලු 3 බිද හෙලුවා. Gareth Delany බිද හෙලූ කඩුලු ගණන 2ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...