ඇමෙරිකාව පරදා ශ්‍රී ලංකාවට ලකුණු 198 ක දැවැන්ත ජයක් ; ලකුණු සටහන මෙන්න

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ දෙවැනි පුහුණු තරගය අද (15) සිම්බාබ්වේ හි බුලවායෝ නුවර දී පැවැත්වුණා. ඇමෙරිකා එක්සත් ජනපදය සමග පැවැති මෙම පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජය වාර්තා කළේ ලකුණු 198 කින්.

තරගයේ කාසියේ වාසිය දිනූ ඇමෙරිකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 5 ක් දැවී ලකුණූ 392 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.

පැතුම් නිස්සංක ලකුණු 25 කට දැවී ගියා. අනතුරුව දෙවැනි කඩුල්ල සදහා ලකුණු 191 ක සම්බන්ධතාවයක් පිහිටුවීමට දිමුත් කරුණාරත්න හා කුසල් මෙන්ඩිස් සමත් වුණා.

කුසල් මෙන්ඩිස් ලකුණු 105 ක් රැස් කළේ පන්දු 91 කින්. හයේ පහර 6ක් හා හතරේ පහර 7 ක් කුසල්ගේ ඉනිමට ඇතුළත්. දිමුත් පන්දු 100 කින් ලකුණු 111 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වීමට තීරණය කළා. හතරේ පහර 15 කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

සධීර සමරවික්‍රම ලකුණු 9යි. චරිත් අසලංක පන්දු 37 කින් වේගවත් ලකුණු 62 නොදැවී ලබා ගත්තා. ඒ. හයේ පහර 4 ක් හා හතරේ පහර 5 ක් සමගින්.

ධනංජය ද සිල්වා ලකුණු 6කට දැවී ගිය අතර, නායක දසුන් ශානක පන්දු 30 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 61 ක්. හයේ පහර 2 ක් හා හතරේ පහර 7 ක් දසුන්ගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී Saurabh Netravalkar කඩුලු 2 ක් දවා ගත් අතර, Ali Khan හා Usman Rafiq අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇමෙරිකා කණ්ඩායමට පන්දුවාර 33.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 194 ක් පමණයි.

Monank Patel ලකුණු 68 (44) ක් ලබා ගත් අතර, Shayan Jahangir නොදැවී ලකුණු 63 (51) ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මතිෂ පතිරණ ලකුණු 23 කට කඩුලු 4 ක් බිද හෙලූ අතර, වනිදු හසරංග ලකුණු 32 කට කඩුලු 2 ක් ද, කසුන් රාජිත ලකුණු 28 කට කඩුලු 2 ක් ද බිද හෙලුවා. දුෂාන් හේමන්ත එක් කඩුල්ලක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...